Trending Newsඑසැන පුවත්දේශීය

පොසොන් උත්සවයේදී රථගාල්වලින් මුදල් අයකළ යුතු බව කියූ ප්‍රාදේශීය සභාවේ (මාලිමා) සභාපති ට මිහින්තලා හිමිගෙන් විරෝධයක්

මිහින්තලේ රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය පොසොන් උත්සවයේදී වාහන ගාල් කිරීම සඳහා මුදල් අය කළ යුතු බවට යෝජනා කිරීමත් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.

මිහින්තලා රාජමහා විහාරාධිපති හිමිගෙන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ රාජ්‍ය පොසොන් කමිටුවේ මතභේදාත්මක තත්ත්වයක් මතු ඇතිවිය.

වසර ගණනාවක් තිස්සේ වාහන ගාල් කිරීම සඳහා මුදල් අය නොකළ බවත් මෙම සම්ප්‍රදාය කඩ නොකළ යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ සඳහන් කළහ.

මෙම යෝජනාව ඉදිරිපත් කළ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් පත් කර සිටින නව සභාපතිවරයා එහිදී පැවසුවේ තමන්ට අත්දැකීම් නැති බවයි.

අත්දැකීම් නැත්නම්, අත්දැකීම් තියෙන අය සමග සාකච්ඡා කර තීරණ ගන්නා ලෙසත්, තනිව තීරණ නොගන්නා ලෙසත්, මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ, ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් පත්ව සිටින සභාපතිවරයාට දැනුම් දුන්නේය.

Related posts

ඇමති තොණ්ඩමන්ගේ දේහය පාර්ලිමේන්තු සංකීර්ණයට

Mohamed Dilsad

குழந்தைகளுக்கு ஜிம்மி நீசம் கொடுத்த கட்டாய அறிவுரை -என்ன?

Mohamed Dilsad

அமைச்சர்களுக்குரிய விடயதானங்கள் தொடர்பான வர்த்தமானி இன்று வெளியாகும் சாத்தியம்

Mohamed Dilsad

Leave a Comment