Trending Newsඑසැන පුවත්දේශීය

ඩෙංගු ගැන සාවද්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීම සඳහා විශේෂ අවධානයක්

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.

ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගතවීම තුළ සමාජයේ අනිසි බියක් ඇතිවීම වැළැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍ය තුළින් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැළැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාත් මින් ඉදිරියට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත නිවැරදි හා නිල ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

එමෙන් ම ඉහත කරුණු වලට අදාළ තොරතුරු ලබාගැනීමේ දී නම් කර ඇති නිලධාරීන් වෙතින් පමණක් තොතුරු ලබාගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ගෙන් ද ඉල්ලීමක් කර සිටී.

අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කරගත හැකි දුරකථන අංක සහ විද්‍යුත් ලිපින පහතින් දැක් වේ.

  1. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය.
    071 4938916
    විද්‍යුත් ලිපිනය – preshilas@gmail.com
  2. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා.
    071 5999757
    විද්‍යුත් ලිපිනය – epidunit@sltnet.lk

Related posts

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර

Mohamed Dilsad

Prime Minister defends relationship with China

Mohamed Dilsad

Appeal Court’s full verdict on petition against Gotabhaya to be delivered tomorrow

Mohamed Dilsad

Leave a Comment