දේශීය

තවත් ෆේස්බුක් සාදයක් වටලයි

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 31ක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබුණි.

 

වැටලීම සිදුකරන අවස්ථාවේදී ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මීට අමතරව මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

සැකකරුවන් හා සැකකාරිය අද (13) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

සිද්ධිය සම්බන්ධයෙන් බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹයි

Mohamed Dilsad

පාස්කු ඉරිදා අදයි

Mohamed Dilsad

රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ධුරයට

Mohamed Dilsad

Leave a Comment