දේශීය

ලංකාවේ ඇති වූ භූකම්පන ගැන පැහැදිලි කිරීමක්

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සුළු භූකම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, මෙරට භුමියේ පිහිටීම අනුව විනාශකාරී අවදානම් සහිත භූකම්පන ඇති වීමේ හැකියාවක් නොමැති බවය.

 

“වැල්ලවාය, බුත්තල ආදි ප්‍රදේශවල ජීවත් වන මිනිස්සුන්ට පසුගිය පැය 24 තුළ අලුයම 4 දක්වා යම්කිසි පොළොව හෙල්ලීමේ සන්නිවේදනයක් දැනුන බව ඇත්ත. ඒ සන්නිවේදනය භූකම්පනයක් තුර්කියේ ඇතිවුණා ආකාරයේ භූකම්පනයක් ද ? කියලා අනිසි බියක් ඇති වෙනවා නේ. අපේ ගොඩබිම් කොටස ඉතාම ස්ථාවරයි. ඒ තුළ සක්‍රීය භූ පැලුම් කිසිවක් විද්‍යාඥයින්ට හමුවෙන්නේ නෑ ඇත්තටම කිව්වොත් එයයි සත්‍යය. ඒ වුණාට ලංකා දුපත පිහිටලා තියෙන්නේ විශාල භූ තැටියක් වන ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තැටියේ මධ්‍ය ප්‍රදේශයේ. එහි භූ විභේද නැත්නම් පැලුම් නැති නිසා අපිට භූකම්පනයක් ගොඩබිම තුළ ඇති වීමේ තත්ත්වයක් අපට නෑ.”

 

මේ අතර අද (13) උදෑසන 4.15ට පමණ ඉන්දියාවේ තවත් භූකම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ යුක්සෝම් ප්‍රදේශයෙහි එම භූ කම්පනය සිදුව ඇති බවය.

 

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.3 ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පවසයි.

 

ඊයේ (12) සවස ද ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් ප්‍රදේශයේ දී රික්ටර් මාපකයේ 4.0ක භූකම්පනයක් සිදුව තිබුණි.

 

 

Related posts

ආපදාවෙන් ගොඩඒමට ප්‍රමාණවත් විදේශ ආධාර ලැබී නැහැ | මන්ත්‍රී වරප්‍රසාද අඩුකර එම මුදල් ජනතාවට සහනදීමට යොදවන්න . – රවී කරුණානායක

Editor O

සිංගප්පූරුවේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් 291 ක් අද මෙරටට

Mohamed Dilsad

පවතින තත්ත්වය මත යළි පාසැල් වැසීමේ අවධානමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment