Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට බහුතරය නැති පළාත් පාලන ආයතනවල, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය බලය පිහිටුවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

එහෙයින් ආණ්ඩුව බහුතරය හදා ගැනීමට උත්සාහ ගැනීමට පෙර පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී ක්‍රියාත්මක වන නීතිය හොඳින් කියවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි. ආණ්ඩුවට බහුතර බලය ඇති සභා පිහිටුවීමට විපක්ෂය ලෙස කිසිදු බාධාවක් නොකරන අතර අනෙක් සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට ඔවුන් එකඟ වී ඇති බවද සඳහන්.

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩුවට ඇත්තේ මන්ත්‍රී ධූර 48 ක් බවත් සමගි ජන බලවේගයේ සන්ධානගත මන්ත්‍රීවරු සමග සභිකයින් 46 ක් දැනටමත් සිටින බවත් මුජිබර් රහුමාන් සඳහන් කරයි.

Related posts

Puttalam PS Chairman arrested at BIA

Mohamed Dilsad

පොර්ට් සිටි පෙත්සම් සළකා බැලීමේ 5 වෙනි දිනය අදයි

Mohamed Dilsad

ஆப்கானிஸ்தானில் ராணுவ கல்லூரியில் புகுந்து தீவிரவாதிகள் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment