Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවට බහුතරය නැති පළාත් පාලන ආයතනවල, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය බලය පිහිටුවනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

එහෙයින් ආණ්ඩුව බහුතරය හදා ගැනීමට උත්සාහ ගැනීමට පෙර පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී ක්‍රියාත්මක වන නීතිය හොඳින් කියවිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි. ආණ්ඩුවට බහුතර බලය ඇති සභා පිහිටුවීමට විපක්ෂය ලෙස කිසිදු බාධාවක් නොකරන අතර අනෙක් සභාවල බලය පිහිටුවීමේදී විපක්ෂයේ අනෙක් මන්ත්‍රීවරුන්ගේ සහාය සමගි ජනබලවේගයට ලබා දීමට ඔවුන් එකඟ වී ඇති බවද සඳහන්.

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩුවට ඇත්තේ මන්ත්‍රී ධූර 48 ක් බවත් සමගි ජන බලවේගයේ සන්ධානගත මන්ත්‍රීවරු සමග සභිකයින් 46 ක් දැනටමත් සිටින බවත් මුජිබර් රහුමාන් සඳහන් කරයි.

Related posts

Sri Lanka Navy arrests 12 Indian fishermen for poaching in Sri Lankan waters

Mohamed Dilsad

ජීවිතයට තර්ජන තියෙනවා ; ආරක්ෂාව දෙන්න ; වැලිගම ප්‍රා සභාපති දින කිහිපයකට පෙර පොලිස්පති ට ලිපියකුත් යවලා

Editor O

பிணைமுறி மோசடி அறிக்கையின் சீ 350ம் பகுதியை வௌியிடுவது விசாரணைக்கு பாதிப்பல்ல

Mohamed Dilsad

Leave a Comment