Trending Newsඑසැන පුවත්දේශීය

අපනයන ආදායම වැඩිකරගෙන, විදේශ සංචිත ඉහළ දමා නොගතහොත් රටේ ආර්ථිකය යළි අර්බුධයකට ගමන් කරාවි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට සැවොම අත්වැල් බැඳගත යුතු බවත් එහි දී රාජ්‍ය පාර්ශ්වයට මෙන්ම විරුද්ධ පාර්ශ්වයටත් සිවිල් සමාජයටත් වගකීමක් ඇති බවත් තමන්ට අදාළ වගකීම හරියට ඉටු කිරීමෙන් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ආ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රදර්ශනය සඳහා සහභාගීවෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. 2028 අප රටට තීරණාත්මක වසරක් බවත් 2028 සිට ණය ගෙවන්න සිදුවන බවත් අයි.එම්.එෆ්. එක 2033 ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එය 2028 දක්වා අඩු කර ගිවිසුම් ගත වී ඇති බවත් මේ නිසා 2028 වන විට ණය ගෙවීමට නම් ඉහළ මට්ටමක ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් එය 5%ක වර්ධනයක් විය යුතු බවත් විශේෂඥයන් පවසන බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම වැඩි කර අපනයනය ප්‍රවර්ධනය කර විදේශ සංචිත වර්ධනය කළ යුතු බවත් මේවා කළ නොහැකි වුවහොත් නැවත වරක් අප රට ආර්ථික සමාජීය දේශපාලනික ඛේදවාචකයක් කරා යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

අමාත්‍ය ධුරවල සංශෝධනයක් …

Mohamed Dilsad

கொழும்பு – பெலியத்த ரயில் சேவை எதிர்வரும் தமிழ் – சிங்கள புத்தாண்டுக் காலப்பகுதியில்

Mohamed Dilsad

Sea lion grabs girl, pulls her in [VIDEO]

Mohamed Dilsad

Leave a Comment