Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ට කොළඹ අවටින් නිවසක් සොයයි …? – හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දැනට ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයට අමතරව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය රැඳී සිටින බවත් එය ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වයක් මත මෙම නව තීරණයට එළැඹී ඇති බවද හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන් ජනාධිපති නිල නිවස භාවිතා නොකරන බවට ප්‍රසිද්ධියේ පවසා ඇති නිසා එම නිල නිවස වෙනුවට කොළඹින් සාමාන්‍ය මට්ටමේ නිවසක් සොයමින් සිටින බවත් ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටී.

රාජ්‍ය නායකයා ඊට අදාළ ගැළපෙන ආකාරයෙන් නිවසක සිටිය යුතු බවත් ඊට කිසිසේත්ම විරෝධය නොදක්වන බවත් පවසන ඔහු මෙතෙක් ජනාධිපතිවරයා එම තීරණය නොගැනීම පිළිබඳව තමන්ට යම් විවේචනයක් ඇති බව ද කියා සිටී.

Related posts

රාජ්‍ය ආයතන 04ක් කෝප් කමිටුවට

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ලංගම හිටපු උප සභාපතිවරයා ඇප මත මුදාහරී

Editor O

நாடு முழுவதும் காற்றுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment