දේශීය

පොර්ට් සිටි පෙත්සම් සළකා බැලීමේ 5 වෙනි දිනය අදයි

(UTV | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර සළකා බැලීම අද පස්වන දිනයටත් සිදුකෙරෙයි. 

අදාළ පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන පිළිබඳව අධ්‍යයනය කර අද දින කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට ඊයේ (22) විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබීය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සළකා බැලෙනු ඇත.

 

Related posts

හිටපු ජනාධිපති මෛත්‍රීට අගරදගුරු පාර්ශ්වයෙන් පිළිතුරු

Editor O

දියර කිරි මිලදී ගැනීමේ දී පවතින විෂමතාව ඉවත් කිරීමට පියවර

Mohamed Dilsad

සුදු සීනි ආනයනය කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment