දේශීය

ඉදිරි මාසය තුළ ජනතාවට කිසිඳු උත්සවයක් සඳහා අවසර නැහැ

(UTV | කොළඹ) – ඉදිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිඳු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය.   

කොරෝනා රෝග ව්‍යාප්තිය දැඩිව ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇත.

කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්මාන හුදෙකලා කිරීමට පියවර ගන්නා බවය.

එමෙන්ම , එළැඹෙන සති අන්තයේදී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහ මාර්ගාරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ දිනවල දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල කොරෝනා පොකුරු සහ උප පොකුරු බිහිවෙමින් පවතින නිසා තමන්ගේ සංචරණ කටයුතු හැකිතාක් සීමා කරන ලෙස පොලීසීය ජනතාවට දැනුම් දෙයි.

Related posts

මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ක්ෂේත්‍රයට

Mohamed Dilsad

මඩ පොහොර නොමිලේ කිලෝ 50 පොහොර මිටිය 1500කට

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 20ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment