දේශීය

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 29 ඇරඹේ

(UTV | කොළඹ) – 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන මාර්තු 29 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්, එල්. එම්. ඩී. ධර්මසේන මහතා සඳහන් කළේ දේශීය හා භාරත නර්තන, පෙරදිග, කර්ණාටක සහ බටහිර යන සංගීත විෂයන් සඳහා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.

දිවයින පුරා පිහිටුවා ඇති ප්‍රායෝගික පරික්ෂණ මධ්‍යස්ථානවලදී එම පරීක්ෂණ පැවැත්වෙනු ඇති.

ඒ සඳහා පෙනී සිටීමට අවශ්‍ය ප්‍රවේශපත්‍ර මේ වනවිට තැපැල් මගින් යොමු කර ඇතැයි ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, යම් අපේක්ෂයෙකුට ප්‍රවේශපත්‍ර ලැබී නොමැති නම්, විභාග දෙපාර්තමේන්තුවේ doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එය ලබාගත හැකි බවයි.

තව ද අපේක්ෂයෙකුට යම් ගැටලුවක් වෙතොත් 011 2 78 42 08 හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි.

ප්‍රායෝගික පරික්ෂණවලට පෙනී සිටීමට සූදානමින් සිටින සිසුන්ට කොරෝනා වැළඳී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ද විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

ඔහු පැවසුවේ එවැනි සිසුන්ට ඒ සඳහා වෙනත් දිනයක් ලබාදීමට හැකියාව පවතින බවයි.

Related posts

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

”ජන ජය පෙරමුණ” සභාපති දිනේෂ් ගුණවර්ධන, ප්‍රධාන ලේකම් රමේෂ් පතිරණ

Editor O

Leave a Comment