Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම ඇතුළු ගැටලු 7ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව පවසයි.

ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ අද (16) පස්වරු 4 සිට එළැඹෙන 18වනදා දක්වා පැය 48ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.

Related posts

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

රටේ ආරක්‍ෂාව බිඳ වැටුණු හැටි – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

Mohamed Dilsad

මැතිවරණ රාජකාරියේ යෙදී සිටි රාජ්‍ය සේවිකාවක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment