Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්, බටලන්ද ගැන විශේෂ ප්‍රකාශය අද

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය.

ඉදිරියේ දී බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය. එමෙන්ම කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා, උපදෙස් හා යෝජනා ලබාදීමට ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එමගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටද චෝදනා එල්ල වී ඇති බවට බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 

Related posts

විපක්ෂයට කංචනගෙන් ආරාධනාවක්

Mohamed Dilsad

பல்கலைக்கழக கல்வி சாரா ஊழியர்கள் வேலை நிறுத்தத்தில்

Mohamed Dilsad

புலமைப்பரிசில் பரீட்சைப் பெறுபேறுகள் இன்று வௌியாகவுள்ளன

Mohamed Dilsad

Leave a Comment