Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිට අමතක වූ පොරොන්දු මතක් කිරීමට යාපනය ජනතාවගෙන් අත්සන් ලක්ෂයක පෙත්සමක්

අනුර දිසානායක ජනාධිපතිවරයා දෙමළ ජනතාවට පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් කීපයක් මේ දක්වා ඉටු නොකිරීම නිසා ඒ පිළිබදව යළි රජයට කරුණු මතක් කිරීම පිණිස ගොණු කළ පෙත්සමකට අත්සන් ලක්ෂයක් ලබා ගනීම ඊයේ (11) යාපනයෙන් ආරම්භ කර තිබේ.

යාපනය බස් නැවතුම්පල අසලින් අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර ඊට පළමු දිනයේදීම අත්සන් දස දහසකට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇත.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග, පාසල් උපකරණ ආදියෙහි බදු ඉවත් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරේ ඉඩම් අයිතිය තහවුරු කිරීම ඇතුලු ඉල්ලීම් කීපයක් ලබා ගැනීම පිණිස මෙම පෙත්සම ජනාධිපතිවරයා අතුලු රජයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

அமெரிக்காவின் கலிபோர்னியா 2 வாரமாக தீயில் எரிகிறது, தீயணைப்பு முயற்சிகள் தோல்வி

Mohamed Dilsad

බස්නාහිර නිරෝධායන කටයුතු පරීක්ෂාවට පොලිස් කණ්ඩායම් 14ක්

Mohamed Dilsad

බහාලුම් ගාස්තු දෙගුණයක් කිරීම නිසා සහල් ආනයනය අතහැර දමයි.

Editor O

Leave a Comment