දේශීය

මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදියා නිරෝධායනය සඳහා බූස්සට [VIDEO]

(UTV | කොළඹ) –  අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන ඉතාලියේ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කරයි.

ඔහු දින 21 ක නිරෝධායන කාලයක් සඳහා බූස්ස හමුදා කඳවුර වෙත යොමුකරන බව ඔහු කියා සිටියේය.

අද පෙරවරු 8.30 ට පමණ කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම් ලා තිබූ එම්.එස්.සී. මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා රැගෙන එනු ලැබුවේ නාවික හමුදාවේ විශේෂඥ කණ්ඩායමක් විසින්.

 

Related posts

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

Editor O

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

Mohamed Dilsad

රංගජීව සමාව අයදී

Mohamed Dilsad

Leave a Comment