Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග සඳහා විශේෂ කාර්යය බලකාය යොදවයි

අධිවේගී මාර්ගයන් සඳහා ඊයේ (11) රාත්‍රියේ සිට විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එෆ්. එම්. පි.  සූරිය බණ්ඩාර මහතා පවසයි. ඒ අධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහාය.

පසුගිය රජය සමයේදී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුමත් සමග ආරක්ෂක අමාත්‍යාංශය මගින් මීට වසරකට පෙර එම කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කෙරිණි. මේ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව, කොළඹ පිටත වටරවුම් මාර්ගය, නව කැලණි පාලම සහ කොළඹ කටුනායක මාර්ගයන් හී වන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවීම් සේවා කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව විශේෂයෙන් හඳුනාගෙන ඇති කොළඹ කටුනායක මාර්ගයේ නව කැලණි පාළම, කොළඹ පිටත වටරවුම් මාර්ගයෙහි විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ඉකුත් කාලය පුරා අධිවේගී මාර්ගයේ දේපොළ සොරා ගැනීම් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර එම දේපොළ ආරක්ෂා කිරීම සඳහා නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නියමිතව ඇත.

Related posts

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසහන නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

Leave a Comment