Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවට සජබ-එජාප ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා

මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගරසභාව සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පස්වරුවේ පැවැත්වී ඇති බව වාර්තා වේ.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සෘජුවම අදහස් හුවමාරු කරගෙන ඇති බවත් සඳහන්.

කොළඹ නගරාධිපති අපේක්ෂකයා වශයෙන් එරාන් වික්‍රමරත්න මහතා ඉදිරිපත් කිරීමට සජබ පාර්ශ්වයෙන් යෝජනා වී තිබුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා ද එය සුදුසු බව පවසා ඇති බව ආරංචිමාර්ග පැවසීය. එසේම නගරාධිපති අපේක්ෂකත්වය සජබටත් උප නගරාධිපති අපේක්ෂකත්වය එජාපයටත් හිමිවන ආකාරයට මෙසේ ඒකාබද්ධ කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට එහිදී සාකච්ඡා වී ඇති බවත් වාර්තා විය.

කෙසේවෙතත් මේ සම්බන්ධ අවසන් තීරණය අද (11) දිනය තුළ ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

Presidential election voting begins

Mohamed Dilsad

Imran Khan sworn in as Pakistan Prime Minister

Mohamed Dilsad

Leave a Comment