දේශීයව්‍යාපාරික

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

(UTV | කොළඹ) – මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 50 ක රජයේ සහතික මිල ගණන් යටතේ මිලදී ගැනීමේ කටයුතු රජය විසින් ආරම්භ කර ඇත.

මෙහි මුල් අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත ලබා දි ඇති බව මහා භාණ්ඩාගාරය නිවේදනය කළේය.

සිය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පැවති ජනාධිපතිවරණ සමයේදි ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය.

 

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

Mohamed Dilsad

රජයට අයත් භාවිතයට නොගත් ඉඩම් වගා සහ සත්ව පාලන කටයුතුවලට

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment