දේශීයප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

(UTV |කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ගෙන ඇති බව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණයට අද  දැනුම් දී තිබේ.

එම නම වන්නේ හර්ජන් ඇලෙක්සැන්ඩර් බව අනාවරණය කෙරුණි.

මේ බව ජාත්‍යන්තර පොලිසිය විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේය.

Related posts

මියගිය විශ්වවිද්‍යාල සිසුවාගේ සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ

Editor O

මැතිවරණ කල්දැමීමට ඉඩ දෙන්නේ නෑ. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Editor O

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ මොරටුව නගර සභා සේවකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment