දේශීය

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නියෝග

(UTV | කොළඹ) – මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයා හට නියම කර තිබේ.  

මේ වන විට කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ වන්දි ගෙවීමේ ගැටළු හේතුවෙන් ඉදිකිරීම් අඩාල වී ඇත.

ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් දුන්නේය.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එලෙස ප්‍රකාශකර සිටියේය.

Related posts

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

දැඩි කොන්දේසි මත, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට ඇප

Editor O

ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment