Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයේ පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම පිටුවහල් කිරීමේ සංඛ්‍යාව ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ  පාලන සමයේ අවසන් වසරේ දක්නට ලැබුණු මාසික සාමාන්‍යයට වඩා අඩු අගයක් බවයි එම වාර්තා පෙන්වා දෙයි. ඉදිරි මාසවලදී පිටුවහල් කිරීම් ඉහළ යනු ඇති බවත්, අත්අඩංගුවට ගැනීම් සහ ඉවත් කිරීම් තවදුරටත් වේගවත් කිරීම සඳහා ට්‍රම්ප් ක්‍රියා කරනු ඇති බවත් ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂඥයෙකු පවසා ඇත.

ඇමරිකාවේ මිලියන ගණනක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී ද ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව ග්වාතමාලාව, සැල්වදෝරය, පැනමාව සහ කොස්ටාරිකාව යන රටවලින් ද සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා සහාය ලබා දෙන බවද සඳහන්.

Related posts

වැඩ වර්ජන කරන පාර්ශ්ව උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්න – ඇමති හරීන්

Editor O

New legislation to prevent sports offences

Mohamed Dilsad

Body of a British national recovered in Maligawatte

Mohamed Dilsad

Leave a Comment