Trending Newsඑසැන පුවත්දේශීය

අවි පුහුණුව ලබා හමුදාවෙන් පැන යන අය ගැන ගත් තීරණය

අවි පුහුණුව ලබා හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ආකාරයට සේවය හැර යන පුද්ගලයින් බොහෝ දෙනා පාතාල ක්‍රියකාරීන් සමඟ සම්බන්ධ වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව නිරීක්ෂණය වී ඇතැයි, ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. වැනි පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා මීට කෙටි කාලයකට පෙර විධානයක් ලබා දුන් බවද ආරක්‍ෂක ලේකම්වරයා පවසා සිටියා.

ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ, එලෙස කෙටි කලක් තුළ අවි පුහුණුව ලබා හමුදාවෙන් පළා ගිය තැනැත්තන් අත් අඩංගුවට ගැනීමට හමුදා පොලීසියට සහ පොලීසියට අවශ්‍ය හැකියාව පවතින බවයි.

Related posts

හදිසි මැතිවරණයක් පැවැත්වීම සියලු කැපකිරීම් අපතේ යැවීමක් [VIDEO]

Mohamed Dilsad

28 students hospitalised in Maskeliya

Mohamed Dilsad

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment