Trending Newsඑසැන පුවත්දේශීය

අපරාධ කල්ලි පිළිබඳ, වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක්

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් වාර්තා වී ඇති බව සඳහන් කරන වැඩබලන පොලිස්පතිවරයා, කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවත්තවෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙම වසරේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.

ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවත්, ඒ අනුව එම නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසීය. වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ඔහු මෙහිදී පැවසීය.

Related posts

Lewis Hamilton wins spectacular Spanish Grand Prix

Mohamed Dilsad

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

Scarlett Johansson hosted Saturday Night Live based on Avengers theme

Mohamed Dilsad

Leave a Comment