Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ වර්ජන කරන පාර්ශ්ව උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්න – ඇමති හරීන්

(UTV | කොළඹ) –

ඇතැම් පුද්ගලයින් වැඩ වර්ජන සිදුකරමින් රට තවදුරටත් අස්ථාවරත්වයට ගෙනියමින් තම දේශපාලන න්‍යාය පත්‍ර ජය ගැනීමේ උත්සහයක නිරතවන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඇමතිවරයා එහිදී පෙන්වා දෙන්නේ නැවත වතාවක් අයිඑම්එෆ් ජයග්‍රණය කරලා තිබෙන මොහොතක එය කඩාකප්පල් කිරීම සඳහා පිරිසක් උත්සහ ගන්නා බවයි. උරුමය වැඩසටහන ද කඩාකප්පල් කිරීමට ඔවුන් උත්සහ ගන්නා බව අමාත්‍යවරයා සදදහන් කරයි.

“ඇතැම් පුද්ගලයින් රට පවතින දේශපාලන, ආර්ථික අස්ථාවරත්වයෙන් තවත් අස්ථාවරත්වයට ගෙනියමින් තම දේශපාලන න්‍යාය පත්‍ර ජය ගැනීමේ උත්සහයක නිරත වනවා.කොරෝනාවලින් පස්සේ අවුරුදු දෙකකට පාසල් යන්න දරුවන්ට බැරි වුණා. රාජ්‍ය සේවය බරපතල වශයෙන් කඩා වැටුණා. කොරෝනාවලින් පසු දේශපාලන ආර්ථික අර්බුධය නිසා ගෑස්, තෙල් නැතුව මිනිස්සු මහ අසරණ බාවයකට අපහසුතාවයට පත්වුණු කාල වකවානුවක්. නමුත් නැවත වතාවක් අයිඑම්එෆ් එකේ ජයග්‍රහණය ලබලා තියෙනකොට මේ අයිඑම්එෆ් එකේ ජයග්‍රහණය කඩාකප්පල් කිරීමට පිරිසක් උත්සහ දරනවා.ඒ ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන්.”

“විධායක ශ්‍රේණියේ අයට පඩි වැඩි කිරීමක් කළා ම අනිත් සියලු දෙනාගේ පඩි වැඩි කිරීම තියා අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රස්සාවකට යන්න රස්සාවක් තිබ්බේ නෑ. තමන්ගේ දරුවට ඉස්කෝලේ යන්න ඉස්කෝලේ තිබ්බේ නෑ. ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් ටිකක් ගන්න දොස්තරලට බෙහෙත් දෙන්න විදිහක් තිබුණේ නෑ. එහෙම තිබුණු රටක් නැවත මේ වලට තල්ලු කරන්න උත්සහ කරමින් පටු අමානුශික ලෙස මිනිස්සු පාවිච්චි කරන වැඩසටහනක්, න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙන්නේ.”

“මේ වෙලාවේ ජනතාව තේරුම් ගන්න ඕන අපි නැවතත් වලට වැටිලා, කාලකන්නි සුලු ආශ්වාදයක් ලබන කණ්ඩායමට ඉඩ දෙනව ද කියන එක. උරුමය වැඩසටහන කඩාකප්පල් කරන්නත් ලොකු වුවමනාවක් තියෙනවා. මේ රජයේ සේවයේ විධායක ශ්‍රේණියට වැඩි කරපු පඩි ඉල්ලීම ඔවුන් දන්නවා කිසි විටකින් එකඟ වෙන්නේ නෑ කියලා. ඒ නිසා මේ කඩාකප්පල් කරන්න හදන්නේ රට. ඒ ඔවුන්ගේ න්‍යාය පත්‍ර වෙනුවෙන්. රටේ ජනතාවත් බුද්ධිමත්ව හිතලා මේ වෙලාවේ මේ රට ආරක්ෂා කරගන්න ඕන. මේ පිටිපස්සේ ඉන්නේ විපක්ෂය.විපක්ෂයට ඕනෙ රට අරාජිකත්වයට ගෙනියන්න. වැඩවර්ජනය තිබියදිත් වැඩට ආපු අයට අපේ උත්තමාචාරය.” යනුවෙන් එම නිවේදනයේ සදහන් වේ.

Related posts

Troops assist to clear railway passage in Up-Country line

Mohamed Dilsad

“ஜவுளி மற்றும் ஆடைத்துறை நிறுவனம் தெற்காசிய பிராந்தியத்திற்கு தனது சேவைகளை விரிவுபடுத்தி இணைப்புகளையும் ஒத்துழைப்பையும் உருவாக்க திட்டமிட்டுள்ளது” அமைச்சர் ரிஷாட் பதியுதீன்!

Mohamed Dilsad

50 கிலோகிராம் ஹெரோயினுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment