Trending Newsඑසැන පුවත්දේශීය

ඇමෙරිකාවෙන් ආධාර ගත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විමර්ශනයක් කළ යුතුයි – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන, විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, “X” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් සහ ප්‍රධාන ලැබී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය බටහිර මාධ්‍ය සමග මතභේදාත්මක තත්ත්වයකට පැමිණ ඇති බවත් මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල ප්‍රශ්න සහගත සහ අස්ථාවරත්වය ඇති කිරීමට යොදා ගත් බවට චෝදනා එල්ල වී ඇතැයි ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඔවුන් තම ප්‍රදාන සහ ආධාර අරමුදල් භාවිත කළ ආකාරය සම්බන්ධව පැහැදිලිව වාර්තා වී නොමැති අතර USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදාන පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා එම සටහන මගින් සඳහන් කර තිබේ. 

එමෙන්ම එම ප්‍රතිලාභ ලැබූ මෙම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතු බවත් ඔහු එමගින් පෙන්වා දී තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා අරමුදල් සැපයීම සඳහා වන රෙගුලාසි වසර ගණනාවක් තිස්සේ සඳහන් ව තිබුණත් එය තවමත් සිදු කර නොමැති බැවින් විනිවිදභාවය පවත්වා ගැනීම සඳහා මෙම රෙගුලාසි ගෙන එන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ මහතා එම සටහන මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

අගමැති සිව්දින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවට

Mohamed Dilsad

සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Bangladesh team in lockdown after shots fired at Christchurch Mosque

Mohamed Dilsad

Leave a Comment