Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වත්මන් ආණ්ඩුවෙන් පනවා ඇති බදු ගෙව්වොත්, ඇඟලුම් සේවකයන් ලක්ෂ තුනහමාරකගේ රැකියා අවධානමේ

දැනට අය කරන සියයට 30 ක ආදායම් බද්ද සමග සියයට 18 ක වැටුප් වර්ධකය හා වැට් බද්ද (18%) ගෙවීමට සිදු වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් 300කට අධික පිරිසකට එම කර්මාන්තයෙන් ඉවත්වීමේ අවදානම් තත්ත්වයක් උද්ගත වන බවත් මේ නිසා 350,000 කට අධික පිරිසකගේ රැකියා අවිනිශ්චිතාවකට පත්වන බව ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ මණ්ඩලයෙහි නියෝජ්‍ය මහලේකම් රුමේශ් පෙරේරා පැවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් මිලියනයකට අධික පිරිසක්ද වක්‍රකාරව සේවයේ නිරතව සිටිති. ඔවුන්ටද ඝෘජුවම මෙම ගැටලුව බලපාන්නේය.

දැනට ක්‍රියාත්මක සරල කරන ලද වැට් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ රජය විසින් තීරණය කර තිබුණ ද එම තීරණයට ඒකාබද්ධ ඇඟලුම් සංසදය ඇතුළුව මෙරට මහා පරිමාණයේ සිට සුළු පරිමාණය දක්වා ඇඟලුම් නිෂ්පාදකයන්ගේ දැඩි විරෝධය හේතුවෙන් එම තීරණය හකුළා ගත් බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත්, නව රජය මේ පිළිබඳ සිය ස්ථාවර පැහැදිලි ලෙස ඇඟලුම් නිෂ්පාදකයන්ට දන්වා නොමැති බවත්, සරල කරන ලද වැට් බද්ද අහෝසි කිරීමට හැකියාවක් පවතින බවත් ඔහු පැවසීය.

ඇඟලුම් ක්ෂේත්‍රය තුළ පවතින තරගකාරීත්වය අධික වීමත්, කර්මාන්තකරුවන්ගේ ලාභ තීරුව සියයට 7 ත් 8 ත් අතර අගයක පැවතීම හේතුවෙන් සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින සියයට 18 ක වැටුප් වැඩිවීමක් කිසිදු ලෙසකින් ලබා දීමට සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට හැකියාවක් නොමැති බවත් ඔහු පැවසුවේය.

ආදායම් බද්ද එකවර සියයට 14 සිට 30 දක්වා වැඩිකර තිබෙන බැවින්, සරල කරන ලද වැට් බදු ක්‍රමය වෙනුවට වැට් බද්ද (18%) ආදේශ වුවහොත් මෙම බදු දෙකම එකවර ගෙවීමට මෙන්ම, සේවක වැටුප සියයට 18 කින් වැඩි කරන්නටද සිදුවුවහොත් සුළු හා මධ්‍ය පරිමාණයේ ඇඟලුම් නිෂ්පාදකයන්ට කර්මාන්තයෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු කීවේය.

ඩොලරය රුපියලට සාපේක්ෂව අධි ප්‍රමාණය වූ කාලයේදී ඇඟලුම් අපනයනකරුවන් ඉහළ රුපියල් ආදායමක් ඉපැයීමට සමත් වූ බවත්, එම අමතර ඉපැයීම්වලින් කොටසක් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටි සේවකයන්ට සහන ලබා දීමට කටයුතු කළ බවද ඔහු පැවසුවේය.

මේ වනවිට ඩොලරයට සාපේක්ෂව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් ආදායම පෙරට වඩා අඩු වී තිබුණත් ඒම කාලවකවානුවේ දී සේවකයන්ට ලබා දුන් සහන කප්පාදු කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් කටයුතු නොකළ බවද ඔහු සඳහන් කළේය.

Related posts

IS conflict: US sends Marines to support Raqqa assault

Mohamed Dilsad

රට පුරා කොරෝනා රෝගීන් වාර්තා වන හැටි(CHART)

Mohamed Dilsad

Home loss to Bangladesh could scar SL cricket – Dimuth Karunaratne

Mohamed Dilsad

Leave a Comment