දේශීය

අගමැති සිව්දින නිල සංචාරයක් සඳහා හෙට ඉන්දියාවට

(UTV | කොළඹ) –  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව්දින රාජ්‍ය සංචාරයක් සදහා හෙට (07) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මේ මස 11 වනදා දක්වා එරට සංචාරයේ නිරත වන අතර , ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති රාම්නාත් කෝවින්ද් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේය.

මෙම රාජ්‍ය සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා සාරානාත්, බුද්ධගයා සහ තිරුපති ඇතුළු ආගමික ස්ථාන කිහිපයක් ද වැද පුදා ගැනීමට නියමිතව තිබේ.

Related posts

දිස්ත්‍රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේ

Editor O

කොළඹ නගර සභාවේ බලය, මාලිමාව ගත්තේ ඩීල් දේශපාලනයෙන් – දුමින්ද නාගමුව

Editor O

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිට මැර ප්‍රහාරයක්

Editor O

Leave a Comment