දේශීය

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙම පත්කිරීම තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් සිදුකර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , කළාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත් පිරිසගෙන් මෙම සමීක්ෂණ මණ්ඩලය සමන්විත වේ.

පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා පිරිහීමට ලක්ව ඇති බවත් මෙරට සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඉදිරියේදී ඒවා මුදා නව හැරීමට සමීක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Related posts

කැලණි ග⁣⁣ඟේ ජලමට්ටම තවදුරටත් ඉහළට

Editor O

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

Mohamed Dilsad

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

Mohamed Dilsad

Leave a Comment