Trending Newsඑසැන පුවත්දේශීය

2023 වසරේ, පළතුරු මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් කාලා. 

(UTV | කොළඹ) –

2023 වසරේ දී මෙරට පළතුරු පරිභෝජනය මෙට්්‍රක් ටොන් මිලියන 12.8ක් (මෙට්්‍රක් ටොන් 1,283,039) දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙරට වාර්ෂික පළතුරු අවශ්‍යතාවය මෙට්්‍රක් ටොන් මිලියන 19.6කි. 

2023 වර්ෂයේ කෙසෙල්, අඹ, අන්නාසි හා පැපොල් නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2023 වසරේ අපනයනය කර ඇති පළතුරු මෙට්්‍රක් ටොන් ප්‍රමාණය 38,201ක් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

2027 වර්ෂය වනවිට කෙසෙල් නිෂ්පාදනය හෙක්ටෙයාර් එකකට මෙට්්‍රක් ටොන් 19.5ක් දක්වාත්, අඹ නිෂ්පාදනය මෙට්්‍රක් ටොන් 9.5ක්, පැපොල් මෙට්්‍රක් ටොන් 45ක්, අන්නාසි මෙට්්‍රක් ටොන් 14ක් සහ වැල් දොඩම් මෙට්්‍රක් ටොන් 30ක් දක්වාත් ඉහළ නැංවීමට සැලසුම් කර තිබේ. ඒ වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සකස් කළ 2027 දක්වා වූ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීමේ සැලැස්ම, වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමණී රණතුංග මහත්මිය විසින් බාර දුන්නාය. 

පළතුරු නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීම සඳහා ප්‍රභේද අභිජනනය, දෙමුහුම් ප්‍රභේද අභිජනනය, අධි ඝනත්ව වගාව, ඒකාබද්ධ පළිබෝධ පාලනය, ශාක පෝෂක හඳුන්වාදීම, පසු අස්වනු හානිය අවම කිරීම සහ අගය එකතු නිෂ්පාදන තාක්ෂණය හඳුන්වා දීම වැනි තාක්ෂණික පියවර රැසක් සැලසුම් කර ඇති බව වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමනී රණතුංග මහත්මිය එහිදී ප්‍රකාශ කළාය. 

Related posts

සාගරට පක්ෂ ලේකම් ධූරය අහිමි වනු ඇති බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

Committee to be appointed to decide on Cabinet reshuffle

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

Mohamed Dilsad

Leave a Comment