Trending Newsඑසැන පුවත්දේශීය

පරීක්ෂාවකින් තොරව, රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

රේගුව විසින් බහලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම මගින් නීති විරෝධී උපකරණ සහ භාණ්ඩ ඇතුළත් වූයේ දැයි සැකයක් පවතින බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් ‘අල්ලස දූෂණය – නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අනිවාර්ය පරීක්ෂාවකට ලක් කිරීමට හඳුනාගෙන තිබූ මෙම බහලුම් 323න් 80%ක් රතු ලේබල් නිකුත් කර ඇති බවත්, ඒවා නිසි පරීක්ෂාවකින් තොරව මෙලෙස මුදාහැර තිබූ බවත්, රේගු වෘත්තීය සමිති සන්ධානයද කියා තිබිණි.

මෙම බහලුම් සඳහන් කිරීම නිවැරදිව සිදුවී ද නැතහොත් අත යටින් ලැබෙන සන්තෝසම් නොලැබීම නිසා සිදුවූවක් ද යන්න සොයා බලන ලෙසත්, එයට නියෝග නිකුත් කළ නිලධාරීන් අනර්ථයක් සිදුකර ඇත්නම් ඔවුනට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පුරවැසි බලය සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

සුජීව තත්සර

Related posts

නිරෝධායනයට යොමුකරන පිරිසගෙන් මුදල් අයකරන බවට රජයට චෝදනා

Mohamed Dilsad

President wants to release civilian’s land in North-East

Mohamed Dilsad

එජාපයේ සහාය ස.ජ.බ. ට දෙන්න අකමැත්තක් නැහැ : සජිත් අගමැති ධූරයට යෝජනා කිරීමටත්, සූදානම් – නවීන් දිසානායක

Editor O

Leave a Comment