Trending Newsඑසැන පුවත්දේශීය

එජාපයේ සහාය ස.ජ.බ. ට දෙන්න අකමැත්තක් නැහැ : සජිත් අගමැති ධූරයට යෝජනා කිරීමටත්, සූදානම් – නවීන් දිසානායක

ප්‍රධාන වශයෙන්ම සමඟි ජන බලවේගය හා එකමුතුව ඉදිරිය සැලසුම් කිරීමට අපේක්ෂා කරන බව නවීන් දිසානායක මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණු රැස්වීමෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් නවීන් දිසානායක මහතා එම අදහස් පළ කළේය.

සජබය හා එජාපය යනු එකම පාක්ෂික පිරිසක් වන හෙයින් එම ජන්ද දෙකම එකතු කිරීමෙන් දැනට පවතින තත්ත්වය අනුව ජාතික ජන බලවේගයට වඩා ජන්ද තිබෙන බවයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් දිසානායක මහතා පැවසී්‍ය.

රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ නොකිරීමත් ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකිරීම තුළ සජිත් ප්‍රේමදාස මහතාගේ අගමැතිකම ප්‍රවර්ධන කිරීමට තම කණ්ඩායම සූදානම් බවද නවීන් දිසානායක මහතා කීවේය.

සජබය සමඟ එකඟ වන්නේ නම් එම ස්ථාවරය පිළිගත හැකි බවත්, ඒ සඳහා බහුතරයක් කැමති බව පෙනෙන්නට ඇති බවත් නවීන් දිසානායක මහතා කීවේය.

Related posts

Queenstown rallies in support of family facing deportation to Sri Lanka

Mohamed Dilsad

கிரிவிகாரையில் இராணுவக் கொடிக்கானஆசிகள் வழங்கப்பட்டது

Mohamed Dilsad

පළාත් පාලනය ආයතන කිහිපයක නාම යෝජනාවලට අදාළව, අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment