Trending Newsඑසැන පුවත්දේශීය

මම පොලී මුදලාලි වගේ – කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති

තමන්ට ලැබී ඇති අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම වන්නේ රටේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වය දියුණු කිරීම වුවත් තමන්ට දැන් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වාම සිදුකරන්නට වී ඇත්තේ භාණ්ඩ විකිණීම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමිනි.

ඇමතිවරයා මෙසේ ද කීවේය. “මේ අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම වෙන්නෙ කර්මාන්ත දියුණු කිරීම, ව්‍යවසායකත්වය දියුණු කිරීම. හැබැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතිවරයාට හැටියට මට කරන්න වෙලා තියෙන්නෙ උදේ පාන්දර 6ට විතර නැගිට්ටාට පස්සෙ රෑ 12 විතර වෙනකල් බඩු විකුණන්න. 

මුදලාලි කෙනෙක්ගෙ කාර්යභාරය තමයි මම මේ දවස්වල කරන්නෙ. මොකද උදේම පටන් ගන්නවා ඔන්න සීනි විකුණන්නෙ කොහොමද කියලා. ඔන්න සෙවනගලින් කතා කරනවා, පැල්වත්තෙන් කතා කරනවා, “ඇමතිතුමා අද හරියන්නෙ නෑ. ඉල්ලන්නෙ 184 ට. කොහොමද දෙන්නෙ. 

පඩි ගෙවාගන්න විදියක් නෑ. ඔන්න ගොවියො දැන් උක් කපනවා. මොකද කරන්නෙ” කියලා අහනවා. ඊටපස්සෙ ගන්නවා සෝල්ට් එකෙන්. “ඇමතිතුමා ලුණු ටික ගෙන්වන්න දැම්මා. ආවෙ නෑ තාම. ලුණු ඉල්ලනවා. දැන් ලුණු නෑ මාකට් එකේ. මොකද කරන්න්නෙ” කියලා අහනවා. ඊළඟට එනවා පොල් නෑ කියලා. “පොල් 200යි. දැන් ටෙන්ඩර් එක දාන්න ඕනෙ කොහොමද ? පොල් ගේනවද, පොල් මද ගේනවද, පොල්කිරි ගේනවද ?” කියලා අහනවා. 

ඊටපස්සෙ එනවා ඔටෝ මොබයිල් කට්ටිය. ඒගොල්ල අහන්වා “ඇමතිතුමා එපොයින්මන්ට් එකක් දෙනවද ? මේ වාහන ඉම්පෝර්ට් කරන්න යන්නෙ. අපෙ ඉඩස්ට්‍රියට දැන් මොකද වෙන්නෙ ? අපට කරන්න දෙයක් නෑ, අපට වහන්න වෙන්නෙ” කියලා.

තව කට්ටියක් කියනවා. ක්ලීන් ශ්‍රී ලංකා එකෙන් බස්වල ස්ටිකර් ගලවනකොට කෑලි ගලවනකොට ඔන්න ඒගොල්ලො කතා කරනවා. “ඇමතිතුමා, 80ක් වැඩ කරනවා. ඔන්න වහන්න වෙන්නෙ, මොකද කරන්නෙ” අහනවා. 

මහජන දිනයට ආවාම මං පොලී මුදලාලි වගේ. ඔක්කොම එන්නෙ ණය ඉල්ලගෙන. “ඇමතිතුමා, අවුරුදු ගාණක් බිස්නස් කළා. අරක වැටිලා, මේක වැටිලා” එහෙම එනවා. හවස් වෙනකොට එනවා පතල් කපන කට්ටිය. ජෙම් ඇන්ඩ් ජුවලරි එකෙන්. “දැන් ඇමතිතුමා නැති හින්දා අපට කරන්න දෙන්නෑ” කියලා. කලින් කට්ටිය පගාව අරගෙන, දැන් වැඩේ කරන්න දෙන්නෑ. උදේ ඉඳන් රෑ වෙනකල් කර්මාන්ත හා ව්‍යවසායකත්ව ඇමතිත් මුදලාලි වගේ”

Related posts

Senators vote to end US backing for Saudi war on Yemen

Mohamed Dilsad

Priority lane project to continue today as well

Mohamed Dilsad

சிரியாவில் நடைபெறும் படுகொலைகளுக்கு எதிர்ப்பு தெரிவித்து, இலங்கையில் கண்டன ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

Leave a Comment