රටතුළ ඛේදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත් රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දි ජනතාව මංමුලා කර රවටා මුසාව ජයග්‍රහණය කර රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි..
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (31) අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින්.
පිළිකා රෝහලේ පහසුකම් මෙන්ම ඖෂධ හිගයට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුවට නොහැකි වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යද්දී වත්මන් රජයට බුද්ධිගලනයට විසඳුම් නොමැති බව විපක්ෂ නායකවරයාගේ අදහසයි.
ඊට අමතරව රටේ සංවර්ධන ගමන වේගවත් කරන්නට කිසිදු පියවරක් ගෙන නොමැති බවත් එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන රජයක් රට පාලනය කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
රටේ දල දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40ක් පමණකගේ ජීවනෝපාය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපල පරාටේ නීතිය හරහා දේපල වෙන්දේසි කරන බවට ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. .
විපක්ෂ නායකවරයා පැවසුවේ අද වී ගොවියාගේ සිට සෑම කෘෂිකර්මාන්තයේ නියැළෙන ජනතාව අනාථ වී ඇති බවයි.
ගොවියා රජකරවනවා යැයි පවසමින් බලයට පැමිණි වත්මන් අදක්ෂ ආණ්ඩුව අද ගොවියා අසරණ කර ඇති බවද විපක්ෂ නායකවරයා කීවේය.
