Trending Newsඑසැන පුවත්දේශීය

තුම්මුල්ලේ විරෝධයට, විමල් වීරවංශ ට එරෙහි නඩුව යළි කැඳවයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වර්ෂයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 දින පවත්වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(1) නියෝග කළා.

මෙම නියෝගය සිදු කළේ සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු අද අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන්.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

Related posts

Android creator Andy Rubin launches Essential Phone

Mohamed Dilsad

Committee on Privileges to probe calls between Aloysius and COPE members

Mohamed Dilsad

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

Leave a Comment