දේශීය

අද දවසේ කාළගුණය මෙන්න

(UTV | කොළඹ) – අද (25) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ට වැඩි වැසි ඇතිවිය හැකියි.

මේ අතර පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රලු විය හැකි බවද කාලගුණ නිවේදනයේ සදහන්.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

එක්සත් ජාතික පක්ෂයෙන් සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

නොමැකෙන මතකයක් ඉතිරිකරමින් විශ්‍රාම ගිය ගුවන් නියමුවා

Mohamed Dilsad

Leave a Comment