Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක් අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. එංගලන්තයේ සිටින තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇතැයි සඳහන්.

ඇය වෘත්තියෙන් ගුරුවරියකි. පසුගිය 2022 මැයි මස 09 වැනි දින ගාලු මුවදොර පැවති අරගලයේදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පසුව ඇය පිළිබඳව සමාජයේ විශාල කතා බහක් ඇතිව තිබුණි.

එම සිදුවීම් වලින් පසුව වසන්තා මහත්මිය එම වසරේ මැයි මස 30 වැනි දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයටද ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

இடிந்து போகும் ஆள் நானில்லை…

Mohamed Dilsad

ඉන්දීය සාගරයේ බලවතුන් අතර ගැටුම්වලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතුයි

Mohamed Dilsad

ගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයි

Editor O

Leave a Comment