දේශීය

ඉන්දීය සාගරයේ බලවතුන් අතර ගැටුම්වලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතුයි

(UTV | කොළඹ) – හම්බන්තොට වරාය හුදෙක් වාණිජමය වරායක් මිස හමුදා නැව් තොටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (14) එක්වෙමින්.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දීය සාගරයේ බලවතුන් අතර ගැටුම්වලට ශ්‍රී ලංකාව මැදිහත් නොවිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“ඉන්දීය සාගරයේ භූ දේශපාලනික වාතාවරණය අවාසනාවකට මෙන් හම්බන්තොට වරායත් ගැටුමකට මැදිකර තිබෙනවා.ඇත්තටම ඉන්දීය සාගරයේ චීනය විසින් මෙහෙයුම් සිදුකරන වරායන් 17ක් තිබෙනවා.විවිධ සමාගම් හරහා ඒවා පාලනය වන අතර සමහර ඒවා ඩුබායි වර්ල්ඩ් පෝර්ට් සමාගම මගින් පාලනය කෙරෙනවා.මේ සියල්ල වාණිජ වරායන්.හම්බන්තොටත් එවැනිම වාණිජ වරායක්.එය යුද නැව්තොටක් නෙවෙයි. එය ආරක්ෂක වශයෙන් වැදගත් යැයි ඔබ කියනවා නම් ඔස්ට්‍රේලියාවේ ඩාවින් වරාය ඒ වර්ගයට අයත් විය හැකියි.

ඒ ඔස්ට්‍රේලියානු හා අමෙරිකානු හමුදා පුහුණු කටයුතු සඳහා යොදාගන්නා වරායන් චීනයට අයත් වරායන්වලට එකිනෙකට මුහුණලා ක්‍රියාත්මක වන නිසා.අපට එවැනි තත්ත්වයක් නැහැ.මෙහි කිසිම අයෙකුට ඇවිත් පුහුණුවන්න අප අවසර ලබාදෙන්නෙ නැහැ.අපේ නාවික හමුදාවේ දක්ෂිණ බලකායත්,යුද හමුදා සේනාංක මූලස්ථානයත් සහ ගුවන් හමුදා අනුඛණ්ඩයක් තිබුණත් ඔවුන් වාණිජ වරායක් වන හම්බන්තොටට සම්බන්ධයක් නැහැ.

ඒ හම්බන්තොට වරාය වාණිජ වරායක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු නිසා.මෙය වාණිජ වරායක් වුවත් එහි උපාය මාර්ගික පිහිටීම නිසා ඇතැමුන් විවිධ මතවලට එළඹීම පිළිගත නොහැකියි.මම හිතනවා චීනය සමග අප එළඹෙන මීළඟ එකඟතාව එවැනි සැකයක් ඇති නොකරාවි කියා. එය චීනය සමග අපේ ණයබර අඩුකරගැනීමට ඇතිකරගන්නා එකඟතාවයක් වේවි.”

Related posts

ලාංකිකයන් 8ක් ඉන්දියාවේදී කොවිඩ් වැළඳීමෙන් මරුට – ආයුර්වේද වෛද්‍යවරයෙකුත් ඒ අතර

Mohamed Dilsad

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

අයහපත් කාලගුණයෙන් 26,000ක් අවතැන් – මරණ 17 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment