දේශීය

IMF හදිසි ආධාර වැඩිකරයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය හදිසි ආධාර ප්‍රතිපාදන ඉහළ නැංවීමට අවධානය යොමු කර තිබෙනවා.

එම සංවිධානය පවසන්නේ ලොව පුරා රටවල් රැසක් මුහුණ දී ඇති ආහාර අර්බුධය සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹී බවයි.

ඒ අනුව මූලික වශයෙන් රටවල් 20 – 30 ත් අතර සංඛ්‍යාවකට දැනට සැපයෙන හදිසි අධාර ඉහළ නංවනු ඇති.

රුසියා -යුක්රේන යුධමය වාතාවරණයත් සමග තවදුරටත් ලොව පුරා ආහාර පිරිවැය ඉහළ යමින් පවතිනවා.

හදිසි ප්‍රතිපාදන ඉහළ නැංවීමේ යෝජනාව මේ විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විධායක කමිටුව වෙත යොමුකර ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ අනුමැතිය ලැබීමට නියමිත බව එම අරමුදල උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Related posts

වසංගතය හමුවේ චීනයෙන් ලබාදෙන ණය සහන පිලිබඳ තීරණය ඉදිරි සතියේ

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් අද දිවයිනට

Mohamed Dilsad

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

Leave a Comment