Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය අවසන් වන දිනයට පසු දින දක්වා පවත්වාගෙන යා හැකි මැතිවරණ ප්‍රචාරක කාර්යාල මෙන්න.

ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ”නිවේදිත ශාකා ඡන්ද කාර්යාල (i) ලෙස සුදුසු පැහැති බලපත්‍රය සහිත, මැතිවරණ ප්‍රචාරක කාර්යාල අද (19) මධ්‍යම රාත්‍රිය වන විට ඉවත්කර කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව පිහිටුවා ඇති ”නිවේදිත ශාකා ඡන්ද කාර්යාල (i) ලෙස සුදුසු පැහැති බලපත්‍රය සහිත කාර්යාල සියල්ල අද (19) මධ්‍යම රාත්‍රියට පෙර ගලවා ඉවත් කළ යුතුය. එසේ ඉවත් කර නොගන්නා කාර්යාලය පොලීසිය විසින් ගලවා ඉවත් කරන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

එහෙත් මැතිවරණ කොට්ඨාසයකට ( මැතිවරණ දිස්ත්‍රික්කයකට) එක් කාර්යාලයක් පවත්වාගෙන යා හැකි අතර, නිවේදිත මධ්‍ය ඡන්ද කාර්යාලය ලෙස හඳුන්වන එයට අදාළ බලපත්‍රය ”රෝස”” පැහැයෙන් යුක්තය. එමෙන්ම මැතිවරණ කොට්ඨාසයකට ( මැතිවරණ දිස්ත්‍රික්කයකට) එක් කාර්යාලයක් අපේක්ෂකයාට හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයාට පවත්වාගෙන යා හැකි අතර, එයට අදාළ බලපත්‍රය ”ලා දම්”” පැහැයෙන් යුක්තය. තවද, ඡන්ද ප්‍රදේශයකට එක් කාර්යාලයක් බැගින් පවත්වාගෙන යා හැකිය. ශ්‍රී ලංකාවේ ඡන්ද ප්‍රදේශ 160කි. එම කාර්යාල ”නිවේදිත ශාකා ඡන්ද කාර්යාල (ii) ලෙස හඳුන්වන අතර, එයට අදාළ බලප්‍රය ”කහ පැහැයෙන් යුක්තය. එම බලප්‍රත්‍ර හිමි කාර්යාල සැප්තැම්බර් 22දා මධ්‍යම රත්‍රිය වන විට ගලවා ඉවත් කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එකී විස්තර සහිතව මැතිවරණ කොමිෂම විසින් නිකුත් කළ සටහන පහතින්

Related posts

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

කාවිංග පෙරේරාට ඇප

Mohamed Dilsad

Colombo, Gampaha dominate Masters Athletics

Mohamed Dilsad

Leave a Comment