දේශීය

කාවිංග පෙරේරාට ඇප

(UTV | කොළඹ) –  අනතුරක් සිදුකොට ජීවිත හානියක් සිදුකිරීමේ වරදට චෝදනා ලබා සිටි ටෙලි නාට්‍ය ශිල්පි කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කර තිබේ.

එම නියෝගය නිකුත් කළ කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා ඔහුගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවීමට ද ඊයේ (03) වැඩිදුරටත් නියෝග කළේය.

ඉකුත් පෙබරවාරි 19 දා තලවතුගොඩ – පන්නිපිටිය ප්‍රධාන බස් මාර්ගයේ කලල්ගොඩ පදිකමාරු ස්ථානයක සුදු ඉරි සටහන් කරමින් සිටි මාර්ග සංවර්ධන අධිකාරියට සම්බන්ධ කොන්ත්‍රාත් සමාගමක සේවකයකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය.

මෙම රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වුයේ මීගහතැන්න, වෙලපහළ, මාවතවත්ත පදිංචි ගම්මන ලියනගේ වසන්ත නමැති 42 හැවිරිදි එක්දරු පියෙකි.

Related posts

කොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්

Mohamed Dilsad

යුධ හමුදාපති අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

Mohamed Dilsad

2023 අයවැය 14 වනදා පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment