දේශීය

අජිත් ප්‍රසන්නගේ නඩුව දිනපතා විභාග කිරීමට නියෝග

(UTV | කොළඹ) – අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට එරෙහිව පවරා ඇති නඩුව මැයි මස 27 වනදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

ඒ අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී.

තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණයේ විභාග වන නඩුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම සැකකරුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ඒ අනුව විත්තිකාර අජිත් ප්‍රසන්න මහතා මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර පසුව මහාධිකරණය විසින් ඔහුව ඇප මත මුදාහරිනු ලැබුවේය.

Related posts

ගුවන් යානයක එන්ජිමක ගින්නක්

Editor O

කෝටි ගණන් අදායම් ඉපයිය හැකි බවට මාලිමාවෙන් පුරසාරම් කියූ, ඇමති නිල නිවාස ගන්න කිසිදු ගැනුම්කරුවෙක් ඉදිරිපත් වී නැහැ.

Editor O

නිරෝධායන ඇඳිරිනීති බලපත් හුදෙකලා ප්‍රදේශ සඳහා වලංගු නොවේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment