Trending Newsඑසැන පුවත්දේශීය

අස්වැසුම ට අදාළ ව අලුතින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරයි.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දා නිකුත් කෙරුණු මෙම නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත.

පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිලිවෙලින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහල දමා ඇති අතර අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුවද නොවෙනස්ව පවතී .

නව ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්ති පවුල් 480,000 කට 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000 ක් , අවධානමට ලක්වූ පවුල් 480,000 කට 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් 5000 ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා දුප්පත් පවුල් 960,000 කට රුපියල් 10,000 ක් සහ අන්ත දිළිඳු පවුල් 480,000 කට රුපියල් 17,500 ක් ලෙස මාසිකව අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට යෝජිතය. පවුලේ සාමාජිකයන් ගණන 2 හෝ ඊට අඩුවූ විට මෙම දිමනාවන්ගෙන් අඩක් හිමිවේ.

එමෙන්ම 2025 ජනවාරි සිට ජුනි දක්වා පෙර පරිදිම වෙනත් හැකියා සහිත තැනැත්තන්ට රුපියල් 7500 ක්, වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500 ක් ,වැඩිහිටියන්ට රුපියල් 3000 ක් ලබා දීමට නව ගැසට් නිවේදනයට අනුව යෝජිතය.මෙම නව ක්‍රමවේදයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට ක්‍රියාත්මක වන බව නව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

Related posts

Sri Lanka to tell United Nations We will do it our way

Mohamed Dilsad

காரைதீவு பிரதேசத்தை சேர்ந்த 750 குடும்பங்கள் பாதிப்பு

Mohamed Dilsad

ගෝඨාභයගේ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment