Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය මගීන්ට පෙර ගෙවුම් කාඩ්පතක්

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ් පත හඳුන්වා දීමට නියමිතයි.

එහිදී එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කෙරෙනු ඇති. මීට සමගාමීව අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා ද නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට නියමිතයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි තත්ත්වයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ තවත් නඩු ගොනු 38ක් වැඩබලන පොලිස්පතිට

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக லோட்டஸ் வீதிக்கு தற்காலிக பூட்டு

Mohamed Dilsad

Leave a Comment