Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් ආනයනයට සතොස ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුණා – වෙළෙඳ ඇමති

රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති ටෙන්ඩරයක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පැවැසීය.

අදාළ සැපයුම්කරුවන් ඉදිරිපත් කරන ලද සාම්පලවල තත්ත්වයේ පවතින ගැටලු හේතුවෙන් ඒවා ප්‍රතික්ෂේප වූ බවද ඔහු කීවේය. රජය විසින් සහල් ආනයනයට අදාළව මෙට්‍රික් ටොන් 5,200 බැගින් ටෙන්ඩර් 04 ක් නිකුත් කළ බවත්, සතොස විසින් ටෙන්ඩර් 02 ක්ද, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ටෙන්ඩර් 02 ක්ද මෙහිදී නිකුත් කළ බවත් ඔහු පැවැසුවේය.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව යටතේ සහල් මෙට්‍රික් ටොන් 5,200 ක් ආනයනය කිරීමට ටෙන්ඩරය බාරගත් සැපයුම්කරු මෙමස 28 වැනිදා වන විටදී අදාළ සහල් තොගය ආනයනය කර ලබාදෙන බවට පොරොන්දුවී ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය. රජයේ ක්‍රමවේදය යටතේ සහල් ආනයනය කිරීමේදී යම් ක්‍රියාවලියක් පවතින බවත්, ඊට යම් කාලයක් ගතවන බවත් ඔහු කියා සිටියේය. කෙසේ නමුත්, පුද්ගලික අංශය හරහා සහල් ආනයනය කිරීමේදී ප්‍රමාදයක් නොවන බවත්, රජයේ ප්‍රමාද තත්ත්වයන් වැළැක්වීමට ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කීවේය.

ඉදිරියේදී ඉන්දියානු රජය සමග සාකච්ඡා කර රජයන් මැදිහත්ව සහල් ආනයනය කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකදී මෙම කරුණු අනාවරණය විය.

Related posts

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

ලොව පුරා Microsoft Teams සේවා බිඳ වැටේ

Mohamed Dilsad

Heavy traffic reported in Town Hall area due to a protest

Mohamed Dilsad

Leave a Comment