Trending News

මෙරට මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ සතුට

(උදයම්,කොළඹ ) – ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව ඇතිවෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය පිළිබඳව සතුට පළ කරන බව  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් (HE Mr. Zeid Ra’ad Al Hussein) මහතා පවසයි.

එසේම ,රටේ ජනතාවගේ සියලු හිමිකම් ආරක්ෂා කෙරෙන හා තහවුරු කෙරෙන වැඩපිළිවෙළ ස්ථාවරව ඉදිරියට ගෙන යනු දැක්ම එක්සත් ජාතීන්ගේ මානම හිමිකම් කොමිසමෙහි අපේක්ෂාව බවත් ඔහු කියා සිටී.
ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළු කේන්ද්‍රස්ථානයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින්, මහකොමසාරිස්වරයා පැවසූයේ යුද්ධය නිසා පීඩාවට පත් ජනතාවගේ සිත් සුවපත් කරලීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබීම වැදගත් කරුණක් බවයි.

සියලු ජනතාවගේ අයිතිවාසිකම් ව්‍යවස්ථාව මගින්ම තහවුරු කරලීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. ජනතා අයිතිවාසිකම් හා බැඳුණු සියලු ආයතනයන්හි නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් හා පරිචයක් ලබා දීමට ද කටයුතු කරන බව වික්‍රමසිංහ මහතා මෙම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

Related posts

வடகிழக்கு, கிழக்கு மற்றும் மேற்கு பகுதிகளுக்கு வசதிகள் எதுவும் வழங்கப்படவில்லை என கல்வி அமைச்சர் தெரிவித்துள்ளார்.

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසි වාරය ඇරඹේ

Mohamed Dilsad

Iranians nabbed with heroin detained until 29th March

Mohamed Dilsad

Leave a Comment