දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි තත්ත්වයක්

(UTV | කොළඹ ) – දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වෙයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රිකකයේත් සවස 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම දිස්ත්‍රික්කයේ උදය කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40 දක්වා වැඩි වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං ඇති විය හැකියි.

Related posts

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුත්ම නිවේදනය

Mohamed Dilsad

ලක්ෂ 15ක ට ආනයනය කරන වාහනයක් අළෙවි කරන්නේ ලක්ෂ 60ක ට.

Editor O

බ්‍රසීලයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය ගැන තමා දැඩි කනස්සල්ලට පත්වෙනවා – ජනපති

Mohamed Dilsad

Leave a Comment