Trending Newsඑසැන පුවත්දේශීය

රිලවෙක්ට ඩොලර් පනස් දහසක්

හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා චීනයට රිලවුන් යැවීම සඳහා මෙතරම් මහන්සි වෙන්නේ එක රිලවෙකුට ඩොලර් පනස් දහසක් ලබාදෙන නිසා බව සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීනි ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කරයි. අයවැය පියවා ගැනීමට නොහැකිව රිලවුන් මරා හෝ අයවැය පියවා ගැනීමට උත්සාහයක් දරන බවද පැවසුවාය.

රිලවුන්ට නම් අත නොතියන ලෙසද ඉල්ලා සිටි ඇය රිලවුන් වන්ධ්‍යකරණය ආරම්භ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවත් එම වැඩපිළිවෙළට එකඟ බවද ඇය කීවාය.

පසුගිය රජය විසින් රිලවුන් චීනයට යැවීමට එකග වූ ගිවිසුමේ අන්ර්ගතය හෙලි කරන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පළ කළාය.

Related posts

எமில் ரஞ்சன் எதிர்வரும் 08ம் திகதி வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

සෞඛ්‍ය රෙගුලාසි නොපිළිපැදීම හේතුවෙන් තවත් අත්අඩංගුවට ගැනීම්

Mohamed Dilsad

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන – දිවයිනට පැමිණි තරුණ නියෝජිත පිරිස හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment