Trending News

ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන – දිවයිනට පැමිණි තරුණ නියෝජිත පිරිස හමුවෙයි

(UTV| කොළඹ) – ලෝක මිත්‍රත්ව නිපොන්මරු නෞකා වැඩසටහන සමග ශ්‍රී ලංකාවට පැමිණි තරුණ නියෝජිත පිරිස ඊයේ (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

මෙවර ශ්‍රී ලංකාව ඇතුථව රටවල් 11 ක තරුණ තරුණියන් 242ක ගේ සහභාගීත්වයෙන් නිපොන්මරු නෞකා වැඩසටහන ශ්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව යන රටවලදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජපන් කැබිනට් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන මෙම ලෝක මිත්‍රත්ව නෞකා සංචාරය පසුගිය ජනවාරි 29 දා, ජපානයෙන් ගමන් ආරම්භ කරන ලද අතර, පසුගිය 11 වැනි දින මෙම නෞකාව ඉන්දියාවේ නැංගුරම්ලා දින 03 ක් එහි ගත කොට 13 වන දින යළිත් ගමන් අරඹා අද දිවයිනට ළගාවිය. ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන තරුණ වැඩසටහන් රැසකින් අනතුරුව නෞකාව ලබන 17 වන දා පස්වරුවේ නැවත ජපානය බලා ගමන් ඇරඹීමට නියමිතය.

තරුණ තරුණියන් අතර සංස්කෘතික, සර්මාජීය හා දේශපාලනික වශයෙන් අවබෝධයක් ඇතිකර ගැනීමත්, අන්‍යොන්‍ය අවබෝධය ගොඩනගා ගැනීමත් නායකත්ව පුහුණුව වැඩිදියුණු කර ගැනීමත් යන විවිධ ක්ෂේත්‍රවල දියුණුවක් තරුණයා තුළ ඇති කිරීමේ පරමාර්ථයෙන් මෙම වැඩසටහන කි්‍රයාත්මක වේ.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි තරුණ නියෝජිත පිරිස ඉතා සුහදව පිළිගත් ජනාධිපතිතුමා ඔවුන්ට සිය සුභාශිංසන පිරිනැමීය.

එම නියෝජිත පිරිස වෙනුවෙන් සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Planned-strike by education sector temporarily called off

Mohamed Dilsad

பிரதமர் தலதா மாளிகைக்கு விஜயம்

Mohamed Dilsad

St. Peter’s rout Kingswood 53-12

Mohamed Dilsad

Leave a Comment