ක්‍රීඩා

පළමු 20 යි 20 අවසන්.ජය ශ්‍රී ලංකාවට

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය ඊයේ පැවැත්වුණි.

ඒ මීර්පූර් හීදීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නවක ක්‍රීඩකයන් සිවු දෙනෙක් සමග තරගයට පිවිසි අතර ශ්‍රී ලංකාව ද ෂෙහාන් මධුශංකට ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් වරම් ලබා දුන්නේය.

බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 193කි.

මෙය ඔවුන් පන්දුවාර 20 ක්‍රිකට් තරගයක ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවවේ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඉනිමට සුපිරි ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් පන්දු 27 ක් තුළ ලකුණු 53 ක් රැස් කළේය.

ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2කින් වර්ණවත් වුණි.

ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ලකුණු 194 ක ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 16 යි පන්දු 4 ක් පමණක් වැය කරමිනි.

තරග 8 ක් නොකඩවා පරාජය වීමෙන් පසු ලද මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයගත් පන්දුවාර 20 තරගය ලෙස ද ඉතිහාසයට එක් විය.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ කුසල් මෙන්ඩිස්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

ලංකා ප්‍රිමියර් ලීග් කල් දමයි

Mohamed Dilsad

2020 යුරෝපා පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය රුසියාවට

Mohamed Dilsad

Leave a Comment