ප්‍රමුඛ පුවත 1

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ හමුවක් අද (16) පැවැත්වෙන බව වාර්තාවේ.

ඒ පළාත් පාලන මැතිවරණයෙන් පසු රට තුළ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳවද නව ආණ්ඩුවක් සැකසීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදීම පිළිබදව සාකච්ඡා කිරීම සඳහාය.

විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසෙහි මෙම සාකච්ඡාව අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

ඊයේ (15) දිනයේදී ද හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හමුවක් පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උදෑසන පැවතී ඝන මීදුමට හේතුව කියයි

Mohamed Dilsad

කෝටියකට අධික හෙරොයින් අල්ලයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

Mohamed Dilsad

Leave a Comment